Saturday, July 20, 2013

දීයුනු රටක් යහපත් සමාජයක්



සටහන රසික පත්මජිව.





                          රටක් සංවර්ධනය කිරීමේදී භෞතික සම්පත් වල දියුණුවට අමතරව වැදගත් අංශයයක් වශයෙන් මානව සම්පතේ දියුණුව පෙන්වා දිය හැක.
                 රටේ මානව සම්පතේ වැදගත් අංශය වන්නේ තරුණ කොටසයි එම තරුණ කොටසේ ආකල්ප යහපත් විය යුතුය රටේ පවතින සංකෘතිය. සදාචාරය.නිතිය. ආරක්ෂා කලයුතුය එසේ නොමැති රටක් භෞතික වශයෙන් කෙතරම් සංවධනය වුවත් පලක් නොමැත අපේ රටේඉතා වේගයෙන් සාර ධර්ම පිරිහෙමින් පවති. ඒසදහා නවීන මාධ්‍යයේන් සිදුවන බල පැම පෙන්වා දිය හැක අතීතයේ රුපවාහිනීයක් පැවතියේ සමාජයේ අතලොස්සක් අතර පමණි  එහෙත් අදවන විට ගමක පොල්අතු පැලක පවා රුපවාහිනියක් ඇත. නගරයේ මෙන්ම ගමේ තරුන තරුණියන් අතර පවා ජංගම දුරකථන දැකගත හැක.මෙම නවීන මෙවලම් බාවිතා කිරීම නිසා රටේ අයහපත් දෙ සදහා යොමුවන පිරිස වැඩ්වී ඇත තරුණ කොටස් සදහා හොද ආකල්ප ඇතිකිරිම සදහා අප රටේ සංවිධානායක් නොමැත අතිතයේනම් ගමේ පන්සලෙන් මෙම කටයුත්ත අකුරටම ඉටු කරන ලදී  අදවන විට පන්සල ව්‍යපාර ආයතනයක් බවට පත්වී ඇත ගිහියන් පවා පන්සලට අබියෝග කරන තත්වයට අද පන්සල පත්වී ඇත. අප පන්සලෙන් බලාපොරොත්තු වන දෙයට වඩා වැඩිදෙයක් පන්සල අපෙන් බලා පොරොත්තු වෙයි එමනිසා පන්සල සහ ගිහියා අතර සහසම්බන්ද තාවය දුරස් වෙමින් පවති.
               
                 අපේ රටේ ව්‍යපාර හිමි පංතිය ඔවුන්ගේ ලාභය තකා රටේ සංකෘතිය සදාධාරය විනාස කරමින් පවතී තරුණ තරුණියන් මුලා කරමින් නවීන දේවල් යැයි පවසමින් ඇදුමේ පැලදුමේ සිට කැමේ බිමේ සංකෘතියට පවා බල පෑමක් ඇතිකර ඇත රටේ තරුණ තරුණියන් මෙම ඇතිකල ඇති නව අවශ්‍යතාවයන් වෙනුවෙන් හම්බකරන සියලු මුදල් ඒ සදහා යොදවයි. 
                           රටේ සදාචාරය කෙතරම් විනාස වී ගොස් ඇත්දෑයි අපේ රටේ වාර්තා වන ප්‍රවෘතිදෙස බැලීමේදී පෙනී යයි.අද වන විට පියා දුව අතර සම්බන්ද තාවය නොමැත අපේ රටේ මේ තත්වය ගැන අපි ලැජ්ජා විය යුතුය. අපිට හොද සංස්කෘතියක් ඇතයි අතීතයේ සිට ලෝකයා පිළිගත් දෙයකි අද වනවිට අපි බටහිර සංස්කෘතියටත් වඩා පහත් තත්වයට පත්ව ඇත.මේ රටේ වෙසෙන තරුණ තරුණියන් වශයෙන් මේ ගැන සිතා බලා කටයුතු කිරීමට දැන් කාලය එලබ ඇත.

                 
                           සටහන :රසික පත්මජීව

No comments :

Post a Comment