Saturday, August 3, 2013

වැලිකඩ සිට ලියමි.....

සටහන රසික පත්මජිව.
සටහන රසික පත්මජිව.
            ඔබගේ සුරතල් දියනියගේ සිනහාව මම ඔබගෙන් උදුරා ගත්තේම්.....
                     
                   ඔබගේ බිරිදගේ ආදර වදන් මම    ඔබෙන් උදුරා
                                             ගත්තේම්.....
                     
                   දේමව්පියන් ගේ රැකවරනය මම ඔබෙන් උදුරා
                                            ගතතේමි.......
                    
                   මුවට නැගෙන සිනහාව මම ඔබෙන්  උදුරා 
                                            ගත්තේම්.......
                                                             මම ඔබේ නිදහස.....

Saturday, July 20, 2013

දීයුනු රටක් යහපත් සමාජයක්



සටහන රසික පත්මජිව.





                          රටක් සංවර්ධනය කිරීමේදී භෞතික සම්පත් වල දියුණුවට අමතරව වැදගත් අංශයයක් වශයෙන් මානව සම්පතේ දියුණුව පෙන්වා දිය හැක.
                 රටේ මානව සම්පතේ වැදගත් අංශය වන්නේ තරුණ කොටසයි එම තරුණ කොටසේ ආකල්ප යහපත් විය යුතුය රටේ පවතින සංකෘතිය. සදාචාරය.නිතිය. ආරක්ෂා කලයුතුය එසේ නොමැති රටක් භෞතික වශයෙන් කෙතරම් සංවධනය වුවත් පලක් නොමැත අපේ රටේඉතා වේගයෙන් සාර ධර්ම පිරිහෙමින් පවති. ඒසදහා නවීන මාධ්‍යයේන් සිදුවන බල පැම පෙන්වා දිය හැක අතීතයේ රුපවාහිනීයක් පැවතියේ සමාජයේ අතලොස්සක් අතර පමණි  එහෙත් අදවන විට ගමක පොල්අතු පැලක පවා රුපවාහිනියක් ඇත. නගරයේ මෙන්ම ගමේ තරුන තරුණියන් අතර පවා ජංගම දුරකථන දැකගත හැක.මෙම නවීන මෙවලම් බාවිතා කිරීම නිසා රටේ අයහපත් දෙ සදහා යොමුවන පිරිස වැඩ්වී ඇත තරුණ කොටස් සදහා හොද ආකල්ප ඇතිකිරිම සදහා අප රටේ සංවිධානායක් නොමැත අතිතයේනම් ගමේ පන්සලෙන් මෙම කටයුත්ත අකුරටම ඉටු කරන ලදී  අදවන විට පන්සල ව්‍යපාර ආයතනයක් බවට පත්වී ඇත ගිහියන් පවා පන්සලට අබියෝග කරන තත්වයට අද පන්සල පත්වී ඇත. අප පන්සලෙන් බලාපොරොත්තු වන දෙයට වඩා වැඩිදෙයක් පන්සල අපෙන් බලා පොරොත්තු වෙයි එමනිසා පන්සල සහ ගිහියා අතර සහසම්බන්ද තාවය දුරස් වෙමින් පවති.
               
                 අපේ රටේ ව්‍යපාර හිමි පංතිය ඔවුන්ගේ ලාභය තකා රටේ සංකෘතිය සදාධාරය විනාස කරමින් පවතී තරුණ තරුණියන් මුලා කරමින් නවීන දේවල් යැයි පවසමින් ඇදුමේ පැලදුමේ සිට කැමේ බිමේ සංකෘතියට පවා බල පෑමක් ඇතිකර ඇත රටේ තරුණ තරුණියන් මෙම ඇතිකල ඇති නව අවශ්‍යතාවයන් වෙනුවෙන් හම්බකරන සියලු මුදල් ඒ සදහා යොදවයි. 
                           රටේ සදාචාරය කෙතරම් විනාස වී ගොස් ඇත්දෑයි අපේ රටේ වාර්තා වන ප්‍රවෘතිදෙස බැලීමේදී පෙනී යයි.අද වන විට පියා දුව අතර සම්බන්ද තාවය නොමැත අපේ රටේ මේ තත්වය ගැන අපි ලැජ්ජා විය යුතුය. අපිට හොද සංස්කෘතියක් ඇතයි අතීතයේ සිට ලෝකයා පිළිගත් දෙයකි අද වනවිට අපි බටහිර සංස්කෘතියටත් වඩා පහත් තත්වයට පත්ව ඇත.මේ රටේ වෙසෙන තරුණ තරුණියන් වශයෙන් මේ ගැන සිතා බලා කටයුතු කිරීමට දැන් කාලය එලබ ඇත.

                 
                           සටහන :රසික පත්මජීව

Thursday, July 18, 2013

විකට රජා


සටහන රසික පත්මජිව.


              නිහඩ සිනමාව පැවති යුගයේ එය හාස්‍යයෙන් ඔපවත් කල චාලි චැප්ලින් කීර්තිමත් නාමය මෙම යුහයේ වුවද නොදන්නා පුද්ගලයෙකු මිහිපිට ඇතැයි සිතිය නොහැකි තරම්මය.
           

                      විසිවන සියවසේ හොදම විකට නළුවා වීමට වරම් ලැබූ මොහු වාර්ෂ 1889  අප්‍රේල් 16 වැනිදා ලන්ඩනයේ එක්තරා මුඩුක්කු ප්‍රදෙසසයක උපත ලැබිය.අගහිගකම් මගින් පිඩිත වූ මෙ පවුලේ  එකම ජිවන මාර්ගය වුවේ පියා සහ මව සංගීත ශාලාවල ඉදිරිපත් කල නැටුම් ගැයුම් වෙනුවෙන් ඉපයූ සුළු මුදලයි පසුව චැප්ලින්ගේ පියා බේබද්දෙකු වීමත් මව මානසික රෝගියෙකු වීමත් හේතු කොට සොහොයුරා සමග අනාත නිවාස වලත් පදික වේදිකාවේත් දිවි ගෙවූ චැප්ලින්ගේ සිය ජිවන ව්‍රත්තිය ලෙස තොරා ගත්තේ ගායනය සහ රංගනයයි.   




මේවනවිට ජනප්ප්‍රිය නිහඩ සිනමාව හස්‍යඋත්පාදනය සදහා යොදා ගනු ලැබූ ප්‍රධාන උපක්‍රමය වුවේ වේගවත් ශෛලියයි .කැමරා උපක්‍රම සහ චිත්‍රපටයේ අග මුල මාරු කිරීම අදියයි. ඉතා සීමිත කාලයක් තුල විශාල වශයෙන් චිත්‍රපට බිහිවීමත්  ඒවා සැම එකක්ම ඒකාකාරී ස්වරුපයක් ගැනීමත් හේතු කොට ප්‍රේක්ෂකයන් මෙම හාස්‍ය උත්පාදන චිත්‍රපට වලින් ඈත්වන ලක්ෂණ පහල වන්න විය එනිසා සිනමා කරුවන්ට ඒ සදහා පිළියම් සෙවීමට සිදුවිය මෙහිදී රංගනයට දක්ෂ නළුවන් හදුන්වා දීමට පෙලබුනහ .එහි ප්‍රතිපලයක් ලෙස එවක දක්ෂ නළුවෙකුව සිටි චාලි චැප්ලින්ට සිනමාවට අවතිර්න වීමට අවස්ථාව උදාවුනි.

    ප්‍රඩි කර්නො සමග ගිවිසුමකට එලබ 1913දී ඇමරිකා එක්සත් ජනපදයට පැමිණ එහිදී මෑක් සෙනට් යටතේ කින්ටොන් සමාගම සමග සතියකට ඩොලර් 150 ක වැටුපකට තනි රිලයේ සහ රීල් දෙකේ  චිත්‍රපටවල රගපෑමට අවස්ථාව උදාකර ගත්තේය. මේ අනුව 1914 වන විට චැප්ලින් චිත්‍රපට 35 ක පමණ රගපා තිබිණ.


                                එංගලන්තයේ විනොදගාර වල විකට රංගන ඉදිරිපත්කර ලැබූ අභිනයන් පිළිබද දැනුමත්.විස්මිත රංගනයත් විසින් ඔහු මනා ලෙස  සිනමාවට ඒකාබද්ද කරනු ලැබුණි ඒ නිසාම මේදක්වා  ඒකාකාරී සිනමාවේ ප්‍රබල වෙනසක් ඇතිවිය සිය තාත්වික අහිනයන් මදකුදු නොවෙනස්ව  මුළු සිනමා පටය පුරාම එකසේ රදවා තබාගැනීමට  මොහු අපුර්ව කුසලතාවයක් ප්‍රකට කලේය. මෙනිසා ප්‍රේක්ෂකයා අදාල නළුවා කෙරෙහි නොව ඔහු රගන චරිතයේ ජිවත් කරවන්නට හැකිවිය. පොදු ප්‍රේක්ෂකයන් අතර චැප්ලින් ජනප්ප්‍රිය පුද්ගලයෙකු බවට පත් උවේ ඔහු 1914 වසරේ රගපැ පදඩයාගේ චරිතය තුලිනි. කට්ට අඩම්බර කාරයෙකුගේ ස්වරුපය  නිරුපනය කල මෙම චරිතය  ඔහු විසින් ක්ෂණිකව නිර්මාණය කරන ලද්දක් විය එල්ලා හැලෙන කලිසම .ඇගට හිර වුනු උඩු කබාය බස්තම ,තොප්පිය විශාල සපත්තු කුට්ටම තරා ගමන සහ හිට්ලර්ගේ උඩු රැවුල ද සහිතව පාදඩයගේ චරිතය  ස්වභාවය නිමවා තිබිණ මෙම පාදඩයගේ චරිතයෙන් චැප්ලින් කෙතරම් ජනප්‍රිය වුවද එතුල තම රංගන ප්‍රතිභාව කොටුකර තබා ගැනීමට දෑක්වූ මැලිකම නිසා දේශකයා .පියා.සොල්දාදුවා. අදී සමාජ සංසිද්දීන් රැගත් විවිද චරිත ඉදිරිපත් කිරීමට පෙලබුනහ.
    
               සිනමාවේ කතා වස්තුවට වඩා එහි රගන නළු නිලියන්ගේ ප්‍රසිද්දීය මත  ච්ත්‍රපට සදහා ප්‍රේක්ෂකයන් අද්දවා ගැනීමේ සිනමා තරු ක්‍රමය චැප්ලින්ගේ ජනප්ප්‍රියයත්වය සමග ඇතිවිය '' චාලි චැප්ලින් අද මෙහි ඇත''  යනුවෙන් සදහන් කල පමණින් සිනමා ශාලා ජනයාගෙන් පිරි ඉතිරි යන්නට විය ප්‍රථම වරට බොක් ඔෆිස්  වාර්තා තැබු චිත්‍රපටි බිහිවිය.'' ද කිඩ්'' ගෝල්ඩ් ර්ෂ් '' ආදී නිර්මාණ ප්‍රේක්ෂකයන් අතර භාවමය කම්පනයක් මෙන්ම බුද්දිමය කම්පනයක් ජනිත කිරීමට සමත්විය.
1930පමණ වන විට  ඔහුගේ නිර්මාණයන් කෙතරම් සාර්ථකත්වයට පත්ව තිබුනේද යත් නිහඩ සිනමාවේ දිගු ව්‍රතාන්ත චිත්‍රපට දෙකක් නිර්මාණය විය 1931 වසරේ දී අන්ධ තරුණියක් හා පදඩගේ චරිතය අතර ඇතිවන විස්මිත ආලය පදනම් කොට  මනුෂ්‍යත්වය උදීපනය කරනු සදහා නිපදවූ ''සිටි ලයිට්'' චිත්‍රපටය මුල්වටයේ දර්ශන මගින් පමණක් ඩොලර් ලක්ෂ 50 ක වර්තාගත ලාභයක් ඉපෙමට සමත් විය.



          චැප්ලින්ගේ දේශපාලන මතවාදය ගම්‍ය කිරීමට ගත උත්සහයේ ප්‍රතිපලයේ වශයෙන් 1940 වසරේදී ''ග්‍රේට් ඩික්ටෙටර් '' සිනමා පටය මගින් ජර්මනියේ අඥාදායක ඇඩොල්ප් හිට්ලර්ගේ කුරිරු නාසිවාදය සහ පැසිස්ට්වාදය නිර්දය ලෙස විවේචනය කලේය මරණිය තර්ජන පවා ඔහු කෙරෙහි හිට්ලර්ගෙන් ඔහුට එල්ලවිය. එතනින් නොනැවැතුනු ඔහු සිය අදෙව වාදී සහ සමාජවාදී අදහස් 1947 නිපදවූ ''මොන්සියර්වරඩු '' නම් චිත්‍රපටය මගින් ඉදිරිපත් කලේය .එමගින් ඔහු උත්සහ කලේ ජර්මනියේ සිර කදවුරු වල සිදුවන මිනීමැරුම් මෙන්ම ඇමරිකව ජපානයට බෝම්බ හෙලා කල අපරාදය පිළිබද සිය විරෝදය පල කිරීමයි ඔහුගේ ඇමරිකන් විරෝදී චිත්‍රපට නිසා ඇමරිකව දැඩිලෙස කම්පනයට පත්විය .ඉහල නගින්නට දුන් ඉනිමගට පයින් ගැසුවේකු ලෙස චැප්ලින් හදුන්වනු ලෑබිණි.





               1952 වසරේදී ලයිම් ලයිට් නැමැති ශෝකාන්ත චිත්‍රපටය නිපදවා ස්වීස්ටර්ලන්තයේ නිවාඩුවක් ගත කිරීමට ගොස් තබියදී කොමියුනිස්ට් වාදියෙකු ලෙස හංවඩු ගසනු ලැබූ ඔහුට විරුද්දව ගුධදර්ම කෙලසිම.දේශපාලන. විවේචන බදු මුදල් ගෙවීම පැහැර හැරිම යන චෝදනා එල්ල කරමින් ඇමරිකානු නීතිපති වරයා විසින් ඇමරිකවට ඇතුළු වීම තහනම් කරන ලදී.

   මේ ආසහාය ශේෂ්ඨ විකට ශිල්පියාගේන් සිනමාවටත් එමගින් මානව වර්ගයාටත් ඉටුවුණා උදාරතර සේවය උදෙසා ලොව දසතින් ගරු භුමන් නොවැලැක්විය හැක්කක් විය.1953 ප්‍රංශ සම්මානයක්ද 1954 ලෝක සාමසමුළුවේ
ත්‍යගයක්ද ඔහුට හිමිවිය 1952 නිපදවන ලද'' ලයිම් ලයිට්'' චිත්‍රපටය සදහා ප්‍රතම වරට ඔස්කාර් සම්මානය හිමි විය මේවන විට ඇමරිකව සහ හොලිවුඩ් පුරය විසින් ශ්‍රේෂ්ඨ නළුවෙකු බවට පිලිගනු ලැබ තිබිණ.


                     
                                    සටහන : රසික පත්මජීව